නවක වදය වැළැක්වීමට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මැදිහත් වන බව එම සංවිධානය පවසයි.
පසුගිය දා කොළඹ දී පැවතී මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම සංවිධානය ප්‍රකාශ කර සිටියේ නවක වදය විසඳන තැනකට අවශ්‍ය කරන කතිකාවත ගොඩනඟන්න තම සංවිධානය සූදානම් බවත්, සමාජ විකෘතියක් වන නවක වදය නවතා දැමීමට ශිෂ්‍ය සංවිධාන සහ රජය සුදානම් බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් එම පාර්ශව දෙක මෙම අර්බුධය විසඳීම සඳහා සක්‍රීයව දායක කර ගැනීමට බලපොරොත්තු වන බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ නීති ශිෂ්‍ය, ප්‍රමිත් ගනේආරච්චි ප්‍රකාශ කර සිටියේ රටේ අනාගතය භාරගන්න පුළුවන් තරුණ පරම්පරාවක් බිහිකරන අවශ්‍ය තෝතැන්නක් බවට මෙරට විශ්ව විද්‍යල පද්ධතිය පත් කල යුතු බවයි.